තම විවාහක තරුණ බිරිඳගේ දිගු වරලස සහමුලින්ම කපා දමා පසුව දැලි පිහියකින් ඇගේ හිස මුඩු බවට පත්කළ සැමියකු ගැන මීගමුවෙන් වාර්තා වෙනවා.
ඔහු මීගමුව ජයරත්න පාර, පදිංචි මනෝඡ් ලක්‌මාල් අප්පුහාමි නමැති තරුණ විවාහකයෙකි.
එම සැකකරුට එරෙහිව මීගමුව පොලිසියේ (29412) වනසිංහ මහතා විසින් ගොනුකළ පැමිණිල්ලට අනුව වරලස අහිමිවූ විවාහක තරුණිය වූයේ කඩවත ඉහළබියන්විල ප්‍රදේශයේ පදිංචිකාරියකි. 23 හැවිරිදි ඇය විවාහ වීමෙන් අනතුරුව තම සැමියාගේ නිවෙසේ පදිංචිව සිට තිබෙනවා.
පළමු දරු ප්‍රසූතිය සඳහා ඇය ඉහළ බියන්විල තම මවගේ නිවසට ගොස් ඇති අතර දරුවා ලැබී මාස 1 1/2 කට (එකහමාරකට පසු) පසුව සැකකරු තම නිවසට යැමට බිරිඳට ආරාධනා කළත් ඇය එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කර තිබෙනවා.
එම සිද්ධියෙන් කෝපයට පත් සැමියා ඔහුගේ මිතුරන් පිරිසක් සමඟ ත්‍රීරෝද රථයකින් ගොස් බිරිඳව බලෙන් ඔහුගේ නිවසට කැඳවාගෙනවිත් ඇයට පහරදී පසුව ඇගේ හිස මුඩු කළ බව පැමිණිල්ල මෙහෙයවූ සැරයන්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
Wednesday, July 1, 2015
සැමියා තරුණ බිරියගේ දිගු වරලස කපා හිස මුඩුකරයි මිතුරන් සමග ඇවිත්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment