උතුරු මැද පළාත් සභා විපක්ෂ නායක සිඩ්නි ජයරත්න මහතා ගමන් ගත් කැබ් රථයේ ගවයෙකු ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් ඒ මහතා ඇතුළු දෙදෙනෙක් රෝහල් ගත කොට ඇත.
ඊයේ (01) දහවල් මෙම අනතුර සිදුව ඇත්තේ පොලොන්නරුව තඹල වැව නිකවැව ප්‍රදේශයේදීය.
තුවාල ලැබූ විපක්ෂ නායකවරයා ඇතුළු දෙදෙනා ජයන්තිපුර ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පොලොන්නරුව මහා රෝහලට ඇතුලත් කෙරුණු බව පොලිසීය පැවසීය.
No comments:
Post a Comment