එළඹෙන මහමැතිවරණය සඳහා හංසයා ලකුණින් තරග කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසයි.
එහි මහලේකම් ශාමිලා පෙරේරා මහත්මිය සඳහන් කළේ මැතිවරණය කොමසාරිස්වරයා හමුවී මහමැතිවරණයට තරග කරන බව තහවුරු කළ බවයි.
2010 වසර ජනාධිපතිවරණයේ දී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තරග කළේ ද මෙම පක්ෂයෙනි. පසුගිය ජනාධිපතිරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමෙන් පසු ලක්ෂ 62ක ජනතාවක් පක්ෂයේ හංසයා ලකුණු ඉදිරියේ කතිරය සටහන් කළ බව එම පක්ෂය පවසයි.
No comments:
Post a Comment