හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හලාවත මුන්නේෂ්වරම් කෝවිල වෙත පැමිණ ආශිර්වාද ලබාගෙන තිබේ.
පසුගිය 29වන දිනට යෙදුණු සිය 70 වන උපන් දිනය සමරමින් හලාවත මුන්නේශ්වරම පුද බිම වෙත හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය පැමිණ දේවාශීර්වාදය ලබා ගැනිමේ පූජාවකටද සහභාගි වූවාය.
පළමුව ඊශ්වර මහ දේවාලය ඉදිරි පස ඇති අෂ්ඨ ඵල බෝධිය වැද ආශීර්වාදය ලබා ගැනීමෙන් පසුව ඊශ්වර මහා දේවාලයට සහ මහාභද්‍රකාලි අම්මන් කෝවිලට පැමිණ විශේෂ දේව පූජාවක් පවත්වා තිබේ.
මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ විශාල පිරිසක්ද සහභාගී වී ඇති අතර පැමිණ සිටි බැතිමතුන් 4000කට පමණ හිටපු ජනපතිනිය දිවා ආහාරය පිරිනැමූ බවද වාර්තා වේ. පසුව මහා දේවාලයේ ප්‍රධාන පූජක පත්මනාභ ස්වාමිවරයා තම නිවසේදී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ඇතුළු පිරිසට තේපැන් සංග්‍රහයක් පවත්වා තිබේ.
එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:
Post a Comment