මහින්දගේ ගමට යන අධිවේගයේ වැඩ මෛත්‍රී අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 4, 2015

මහින්දගේ ගමට යන අධිවේගයේ වැඩ මෛත්‍රී අරඹයි

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගොඩගම - හම්බන්තොට මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ මාතර නිල්වලා පිවිසුම අභියසදී පැවැත්විණී. 

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය. 

අන්‍යාගමික පූජකරුවන්ද ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
අමාත්‍යවරුන් වන මංගල සමරවීර, කබීර් හෂිම්, මහින්ද අමරවීර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන්ද චීන තානාපති ෂයෑං ලියැංග් මහතා ඇතුලු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad