මෛත්‍රී මේ තීරණයට එකඟනම් නිදහසින් පසු ලොකුම පාවාදීම මේකයි - ගාමිණි (AUDIO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

මෛත්‍රී මේ තීරණයට එකඟනම් නිදහසින් පසු ලොකුම පාවාදීම මේකයි - ගාමිණි (AUDIO)

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මීට වැඩිය සෘජුව හා ඉක්මනින් රටට මේ පිළිබඳ කිව යුතු බවත් ඊට තවමත් අවස්ථාව ඇති බවත් පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳ අප කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

පවුල් පාලනය හිස එසවීමට ඉඩ නොදෙන බවට අද මාතරදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශ දියාරු ප්‍රකාශයක් බවත් ඒ පිළිබඳ ඔහු නිහඩව සිටින තාක් එම තීරණයට එකඟ බව පිළිගැනීමට සිදු වන බවත් ඔහු සඳහන් කළේය.

තත්ත්වය ඒකනම් නිදහස දිනාගත් 1948 වසරේ සිට මේ තාක් බලයට පත් වූ නායකයෙකු කළ ලොකුම පාවාදීම ලෙස සැලකිය හැකි බවද ගාමිණි වියන්ගොඩ මහතා වැඩිදුරටත් පැවසී ය.

එම හඩ පටය පහතින්.




Source : Asian Mirror

No comments:

Post a Comment

Post Bottom Ad