ආනන්ද සංගරී තනිවම මැතිවරණ සටනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

ආනන්ද සංගරී තනිවම මැතිවරණ සටනට

මෙවර මහමැතිවරණය සදහා තමා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් තනිවම තරග කිරීමට බලාපොරොත්තු වන බව යාපනය දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආනන්ද සංගරී මහතා ප්‍රකාශ කර තිබේ.

පසුගිය 03 වැනි දා යාපනයේදී මාධ්‍යවේදීන් පිරිසකට පවසා ඇත.
ආන්නද සංගරි මහතා මිට කලකට පෙර සිටම දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව හුදෙකලා මැතිවරණ සටනක නිරත වූ අතර එසේ වීමට හේතුව වූයේ ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ලිපි ගණනාවක්ම ප‍්‍රභාකරන් වෙත යැවිම බව වාර්තා වේ.

මේ සිද්ධිය නිසා දෙමළ ජාතික සන්ධානයට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් නිතර නිතර චෝදනා එල්ල වූ අතර දෙමළ ජාතික සන්ධානය සහ ආනන්ද සංගරී මන්තී‍්‍රවරයා අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් හට ගැනීමටද එය ප‍්‍රබල හේතුවක් වී තිබූ බව ආරංචි මාර්ග පවසයි.

පසුගිය පළාත් සභා මැතිවරණය සදහාද ආනන්ද සංගරී මහතා උතුරු පළාත් සභාව වෙනුවෙන් තරග කළද ඔහුට ඉන් ජයග‍්‍රහණය කිරීමට නොහැකි විය. කෙසේ වෙතත් ආනන්ද සංගරී මහතා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වෙනුවෙන් යාපනය දිස්ති‍්‍රක්කයට ලබන සතියේදී නාම යේජනා ලබාදීමට  අවශ්‍ය ලියවිලි මේ දිනවල සකස්  කරමින් සිටින බව යාපනයේ දී මාධ්‍යවේදීන්ට ප‍්‍රකාශ කොට ඇත.

දිනසේන රතුගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad