මහින්දට එරෙහිව ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක්‌ හංසයාගෙන් එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

මහින්දට එරෙහිව ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක්‌ හංසයාගෙන් එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරි මැතිවරණයේදී එජනිසයෙන් නාමයෝජනා ලබා දීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක්‌ හංසයා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීම සඳහා කැපවී ක්‍රියා කළ මන්ත්‍රීවරු පිරිසක්‌ ද ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු ඇමැතිවරු සහ පළාත් පාලන නියෝජිතයෝ කිහිපදෙනෙක්‌ මෙම තීරණය ගෙන ඇත.

මේ අතර පසුගියදා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ප්‍රකාශ කර තිබුණේ එළඹෙන මහමැතිවරණය සඳහා හංසයා ලකුණින් තරග කරන බවයි. 
එහි මහලේකම් ශාමිලා පෙරේරා මහත්මිය සඳහන් කළේ මැතිවරණය කොමසාරිස්වරයා හමුවී මහමැතිවරණයට තරග කරන බව තහවුරු කළ බවයි. 

2010 වසර ජනාධිපතිවරණයේ දී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තරග කළේ ද මෙම පක්ෂයෙනි. පසුගිය ජනාධිපතිරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමෙන් පසු ලක්ෂ 62ක ජනතාවක් පක්ෂයේ හංසයා ලකුණු ඉදිරියේ කතිරය සටහන් කළ බව එම පක්ෂය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad