මහින්දට නාමයෝජනා ලැබුණෙ මෙහෙමයි - රාජිත කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

මහින්දට නාමයෝජනා ලැබුණෙ මෙහෙමයි - රාජිත කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හා නාමයෝජනා ඉල්ලූ බවත් අනෙක් සියලු දේ ප්‍රතික්ෂේප කර නාමයෝජනා ලබාදීමට හැකියාවක් ඇති බවට පසුව තීරණය කළ බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කර ඇත. 

දැනට තිබෙන වාතාවරණය හේතුවෙන් එජාපයට වාසිය හිමිවන නිසා සියලු දෙනා කතා කර එම තීන්දුව දුන් බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වීමෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වැඩිවුවද අනෙක් ඡන්ද අඩුවීමක් ඇතිවිය හැකි බවත් රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad