මහින්ද රාජපක්ෂ මහතා හොරෙකු නම් මැතිවරණයෙන් පරාජයට පත් කොට දේශපාලනයෙන් තුරන් කර දැමීමට එජාපයට හැකි බවත්, බිය වී ඇත්තේ ඉදිරි මැතිවරණයෙන් එජනිසය දැවැන්ත ජයග්‍රහණයක් හිමිවන නිසා බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
ඉදිරි මහමැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා හිමිවීම පිළිබඳ අදහස් දැක්වීමට සන්ධාන පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් අද (03)නාරාහේන්පිට අභයාරාමයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
මහින්ද හොරානම් හොරාට නාමයෝජනා ලබාදීම පිළිබඳ එජාපය මේ තරම් කලබල වන්නේ කුමකටදැයි විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි. මහබැංකුවේ හොර ගනුදෙනුව සිදුකළ කෝටි 5000 ක මුදලක් රටට අහිමි කළ මහ හොරාට නාමයෝජනා ලබාදීම පිළිබඳ කිසිවෙකු විරෝධය දක්වා උද්ඝෝෂණ නොකරන බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට යළි රටේ නායකත්වය ගැනීමේ සටනට එක්වන ලෙස කරනු ලැබූ ජනතා ඉල්ලීමට හිස නමමින් ඔහු යළිත් මෙම මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත්වීමෙන් පසු පළිගැනීම් තර්ජන ගර්ජන වැඩිවිය හැකි බවත්, මහින්ද රාජපක්ෂ මහතා මෙම මැතිවරණ ව්‍යාපාරයේ නායකත්වය ගනු ලබන්නේ ඒ සියලු අභියෝගයන්ට මුහුණදීමට බවත් වීරවංශ මහතා සඳහන් කළේය.
රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට මෛත්‍රී-රනිල් සුසංයෝගයට නොහැකි බව මේවන විට ජනතාව තහවුරු කර ඇති බවත් ඒ අනුව රට ඉදිරියට ගමන් කරනු ලබන්නේ මෛත්‍රී-මහින්ද සුසංයෝගයකින් බවත් හෙතෙම අවධාරණය කළේය. නුගේගොඩින් ආරම්භ කරනු ලැබූ එම ඓතිහාසික මහජන ව්‍යාපාරය මේවන විට දැවැන්ත සමාජ බලවේගයක් බවට පත්ව ඇති බවත්, එළඹෙන ජූලි මස 09 වන දින අනුරාධපුර පැවැත්වෙන මහ රැළියෙන් ජයග්‍රාහී මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment