ඉදිරි මහ මැතිවරණයේ දී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් පෙරමුණක් ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
ඒ පිළිබඳව මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වෙන බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමේ අවස්ථාව ලබාදීමට ගෙන ඇති තිරණයත් සමග අර්ජුණ රණතුංග මහතා ඇතුළු පිරිසක් ඊට විරෝධය පළ කර තිබේ.
ඒ අනුව ඔවුන් සන්ධානයෙන් ඉවත්ව වෙනමම පෙරමුණක් යටතේ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට තිරණය කර ඇති බව එම ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

No comments:
Post a Comment