ම.එ.පෙ  සන්ධානයෙන් මහමැතිවරණයට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

ම.එ.පෙ  සන්ධානයෙන් මහමැතිවරණයට 

මහජන එක්සත් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බුලත් කොළය යටතේ එළඹෙන මහමැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇති බව එහි ප්‍රධාන ලේකම් නීතිඥ තීස්ස යාපා ජයවර්ධන මහතා පවසයි. 

මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (04) රැස්ව ඇති අතර එහිදී මෙම තීරණයට ඒකමතිකව කැමැත්ත පළ වි ඇත.

ඒ අනුව දිවයිනේ දිස්ති‍්‍රක්ක රැසකට මහජන එක්සත් පෙරමුණේ අපේක්‍ෂකයන් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව යටතේ ඉදිරිපත් කිරීමට මෙහිදි තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහමැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදුන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ස්තුතිය පුද කිරීමටත් මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව එහිදී තීරණය කර ඇති බව වාර්තා වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad