පසුගියදා මහරගම ප‍්‍රදේශයේ අවන්හලකදී ටෙලිනාට්‍ය නළු ඉන්දික රත්නායකට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට හාලිඇල බෝගහමඩිත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුට ගත් ටෙලි නාට්‍ය නිළියගේ නම හෙළිවී තිබෙනවා.
ඇය මහනුවර, කෙන්ගල්ල, අඹසෙවණගම පදිංචි ඉරේෂිකා තිළිණි අමරසිංහ නම් 24 හැවිරිදි තරුණියක බව අනාවරණය වෙනවා. නිරූපිකාවක හා නවක ටෙලි නිළියක ලෙස පෙනී සිටි ඇය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවටද පොලිසියට තොරතුරු හෙළිවුණා.
ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇගේ අත්බෑගයේ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 100ක් හමුවූ බවද පොලිසිය පවසා තිබුණා.
ඉකුත් 02 දා සවස ඇය තවත් පුරුෂයෙකු හා සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝගහමඩිත්ත ප‍්‍රදේශයේ හෝටලයකදීය.
හාලිඇල, උඩුවර, 05 කණුව ප‍්‍රදේශයේ පදිංචි පතිරණ ආරච්චිගේ නලින්ද සම්පත් (35) නම් අත්අඩංගුවට පත් අනෙක් තැනැත්තාද මෙම මිනීමැරුමට සම්බන්ධ බව පොලිසිය ප‍්‍රකාශ කරනවා. මෙම සැකකරු බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ වැනි ප‍්‍රදේශ කීපයක ගෙවල් බිඳුම් ජීව අත්බෝම්බ ළඟ තබා ගැනීම වැනි චෝදනා රැසක් සම්බන්ධව වරෙන්තු 13 ක් සහිත අයෙකු බවත් වාර්තා වේ.
අදාළ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු මහතාගේ උපදෙස් මත බදුල්ල පොලිසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Saturday, July 4, 2015
ටෙලි නළුවා ඝාතනය කළ නිළියගේ නම හෙළි වෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment