කැලිෆෝනියාවේ සැන්ඩියාගෝ නුවර (87) හා ඇලෙක්සැන්ඩර් (95) නැමැති මෙම යුවළ විවාහවී ඇත්තේ 1940 දීය.
ඔවුන් පසුගියදා සිය 75 වන විවාහ සංවත්සරයද සමරා ඇත. ඔවුන් දෙදෙනා එක ළග ඇඳන් වල දිගාවී සිටි අවස්ථාවකතමාට හුස්ම ගන්නට අපහසු බව දැක්වූ ඇලෙක්සැන්ඩර් පළමුව මියගිය බවත් ඒ සමගම ඒ අසළට ආ ජෙනිටි දුකින් කම්පිතව ඔබ ඉන්න මං ඔබ ළගට ඉක්මණින් එනවා.. යයි කියූ බවත් ඔවුනගේ දියණිය දැක තිබෙනවා.
එසේ කියා පැයක් ගතවද්දී ජෙනිටිද මියගොස් ඇත. ඉතාම ආදරයෙන් සිටි මේ දෙදෙනා ඥාතීන්ටද ආදර්ශයක්වූ බව දියණිය ප‍්‍රකාශ කරා. මෙම දෙදෙනාගේ භූමිදාන කටයුතු සොහොනක එක ළග ස්ථානවල සිදු කර තිබුණා.




No comments:
Post a Comment