මුස්ලිම් කොංග්‍රසය එජාපයෙන් මැතිවරණයට - මහින්දගේ තීරණය ගැන විමසිල්ලෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

මුස්ලිම් කොංග්‍රසය එජාපයෙන් මැතිවරණයට - මහින්දගේ තීරණය ගැන විමසිල්ලෙන්

ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇතැයි වාර්තා වේ.ඊයේ (03) රැස්වූ එම පක්ෂ උත්තරීතර මණ්ඩලය ඊට අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින්ගේ ලැයිස්තුව ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය තහවුරු කර ගැනීමෙන් අනතුරුව නැගෙනහිර පළාතේ අපේක්ෂක ලැයිස්තුව සකස් කරන බව මුස්ලිම් කොංග්‍රසය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad