එජාප ඉල්ලීම ඉවත දමා ඩග්ලස් දේවානන්දා තනිවම මහ මැතිවරණයට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

එජාප ඉල්ලීම ඉවත දමා ඩග්ලස් දේවානන්දා තනිවම මහ මැතිවරණයට 

එළඹෙන මහමැතිවරණයේදී ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) තනිව තරග කරන බව එම පක්ෂයේ මහලේකම් ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (02) යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තමන් පසුගිය රජය සමග එක්ව හිඳිමින් ප්‍රදේශයේ ජනතාවට ඉමහත් සේවයක් සිදුකළ බවත් එහිදී ජනතාවගේ ඉඩම් අක්කර 17 ක ප්‍රදේශයක් එවක රජයෙන් යළි ජනතාවට ලබාදුන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ රජය විසින්ද මෙවර මහමැතිවරණයේදී සහය දෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටියද තමන් එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ද හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad