එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් පිරිසක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග අද (02) රාත්‍රියේ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම ශ්‍රීලනිපයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය හැර වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා සකස් කිරීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායමේ පිරිස් එකම ලැයිස්තුවකින් තරග කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා බිඳ වැටී ඇතැයිද මහින්ද පාර්ශ්වයේ ආරංචි මාර්ග පවසයි.
එකම ලැයිස්තුවකින් තරග කරන්නේ නම් හිටපු අමාත්‍ය විමල් වීරවංශ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට නාමයෝජනා නොදීමේ කොන්දේසියක් ජනපතිගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති බවත් ඊට හිටපු ජනපතිගේ පාර්ශ්වය විරුද්ධ වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මැදමුලන දී ඊයේ (01) විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ සඳහන් කළේ ජනතා ඉල්ලීම මත තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වන බවයි. කෙසේ වෙතත් මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයකින් ද යන්න මේවන තෙක් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර නොමැත.
සුළු පක්‍ෂ කිහිපයක එකතුවෙන් සන්ධානයක් ගොඩ නගා වෙනම ලකුණකින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තරගයට එනු ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

No comments:
Post a Comment