"පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ ගත වුණු කාලය තුළ නොයෙකුත් බියවැද්දීම් තර්ජන මැද මා වෙනුවෙන් පෙනී සිටීම අගය කරනවා. අපේ නිවසට පැමිණි ඔබ සියලු දෙනා ඉතා සෙනහසින් මා පිළිගන්නවා.
ඔබ පැමිණ සිටින්නේ අධි ඇසල පොහොය දවසක. ඇසල පොහොය කියන්නේ බුදුන් වහන්සේ තමන්ගේ ගුරුවරුන් සොයා ගොස් මුල්ම ධර්ම දේශනය පැවැත්වූ දවස.
ඔබ සියලු දෙනාගේ ඉල්ලීම මට ඉවත දමන්න බෑ. එ්නිසා ශ්‍රීලනිපය හා සන්ධානය පමනක් නොවේ එජාපය ඇතුළු පක්ෂවල ඉන්නා සියලු දේශප්‍රේමීන්ට මා ආරාධනා කරනවා අප සමඟ අත්වැල් බැඳගන්නා ලෙස. ඔබට මතක ඇති පසුගිය ජනවාරි නව (09) වැනිදා. බහුතර ජනතාවගේ තීරණයට මා හිස නැමූ අකාරය ඔබ දන්නවා.
මම ඒ තීරණය අරගෙන රටට ඔප්පු කර පෙන්නුවා. ප්‍රජාතන්ද්‍රවාදයට මා ගරු කරනවා. 70 දි ලාබාලම මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තුවට ආ මම ජනාධිපති වනතුරු ආවා. සමහරු මා හදුන්වනවා එක එක නම් වලින්. සමහරු හදුන්වනවා සොඳුරු ආඥාදායකයා ලෙස. මේ මොන බොරු චෝදනා කළත් එදා කටයුතු කළ ආකාරය ගැන එදා මැතිවරණය හොඳ පූර්වාදර්ශනයක් සැපයූවා.
පිටරට අයත් පුදුම වුණා මේ යෝදයා මේක බාර දීලා ගියාද කියලා. පසුවදා මා තංගල්ලට සියලු දෙනා කැඳෙව්වා. අපේ ඉරණම ගැන කතා කළා. ඡන්ද ප්‍රතිපල නිකුත් වූ දා පටන් අපේ පිරිසට හිරිහැර කළා. තවත් සමරු විකල්ප ශ්‍රීලනිපයක් හැදුවා. ඒ නිසා 12 වැනි දා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳව්වා. ඒ තීරණාත්මක මොහොතේ පක්ෂය ආරක්ෂා කර ගැනීම වැදගත් බව මම කිව්වා.
මම කතානායක නිවසෙදි ජනාධිපති හමුවුණා. පක්ෂය ඕනෑ බව ඔහු ඉල්ලීමක් කළා. ඒ අනුව මා පක්ෂය බාර දුන්නා. දින හතක් ඇතුළත පක්ෂයේ නායකත්වය බාර දුන්නා. මට මාස හතක් ගියා සම්මේලනයක් කැඳවා නායකත්වය ගන්න. මම කිසිම දවසක මගේ රටටල මගේ පක්ෂයට ද්‍රෝහි වෙලා නෑ. මම ඉවසගෙන පක්ෂය වෙනුවෙන් පෙනී සිටියා.
එජාපය මේ රට පාලනය කළ ඒ හය මාසය තුළ ජාතික ආරක්ෂාවට මහා තර්ජනයක් ඇති වෙලා. ජාතික ආර්ථිකයට අභියෝග එල්ල වෙලා තියෙනවා. ඒක කාටවත් රහසක් නොවෙයි. ත්‍රස්තවාදය විනාශ කරලා අවුරුදු හයක් යන්න කලින් ත්‍රස්තවාදීන්ට වන්දි දිය යුතුයි කියා කැබිනට් පත්‍රිකා දාන්න තරම් ලැජ්ජා නැති උනුත් ඉන්නවා කියන්න වෙනවා. හැබැයි එය සම්මත වුණේ නෑ.
මා හිතනවා සමහරවෙලාවට මේ නාකයකෝ හැසිරෙන්නේ මීට අවුරුදු 12 කට කලින් ත්‍රස්තවාදී නායකයා සමග ද්‍රෝහීම ගිවිසුම අත්සන් කළ ආකාරයට කියලයි තේරෙන්නේ. වත්මන් ජනපති ආරක්ෂක ප්‍රධානීන් කියන දේ අහන්නේ නැතිව කටයුතු කළා. මතකතියා ගන්න, නව යොවුන් තරුණයන්ට එජාපයේ දරුණු කාලයේ අත්දැකීම් නෑ. රටේ නීතියට පිටින් නොයෙක් ආයතන සංවිධාන පිහිටුවා දඩුවම් දෙන සංවිධාන පිහිටෙව්වා.
ගෝනිබිල්ලෝ ඇවිත් ජනතාව උස්සන් යන හැටි මේ තරුණයන් දැකලා නෑ. රජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණපු හැටි මේ තරුණයන් දැකලා නෑ. බෙදුම්වාදීන්ට මේ රට පාවා දුන් හැටි මේ තරුණයන් දැකලා නැහැ. අපට මතකයි 89 - 90 මේ රටේ තරුණයන් වෙනුවෙන් මම වාසු ඇතුළු කණ්ඩායම් එකතුවෙලා ජිනීවා ගියා. අපි එදා හඩ නැගුවා. අපි පාද යාත්‍රා ගියා. අපි ඔක්කොම එකතු වෙලා එදා පාරට බැස්සේ. මිනිස් දංවැල් ඇද්දේ. ජනඝෝෂා කළේ.
හැබැයි මේ මාස හයේදි වැඩ කළ ආකාරය දැක්කම මේ තරුණයන්ට දැනගන්නට පුළුවන් වෙයි ඉතිහාසයේ කොහොමද වැඩ කෙළ් කියා.bත්‍රස්තවාදීන් තවත් පෝෂණය කරන්න හමුදාව උතුරෙන් ඉවත් කරන්න, ඩොලරය 141 දක්වා යන්න ඉඩ හැරලා දේශීය ව්‍යාපාරිකයා බංකලොත් කරලා රජයේ සේවකයන් පීඩනයට ලක් කළා. ඔවුන් මහ මගට ඇද දැම්මා. දින සියයක් ඇතුළත එතනෝල් ලයිසන් 27 ක් දීලා.
දින සියයක් ඇතුළත ලංකාවේ සිදුවූ ලොකුම බැඳුම්කර වංචාව වුණා. එය මහා මංකොල්ලය කියලයි හදුන්වන්නේ. විරුද්ධ දේශපාලන මත තරන දේශපාලනඥයන් හිරේ විලංගුවේ දැම්මා. දූෂිතයන්ගේ නඩු ඉවත් කළා. මේ දින සියය ඇතුළත වැඩිහිටි අපට එජාපය ගැන අතීතය නැවත මතක් කළා.
ඒ වගේම අපේ කාලයේ තිබුණු වරයා, ගුවන්තොටුපොළ, මාර්ග, විද්‍යාගාර, සතිපොළ ගැන දවස ගානේ පළ වුණා. ලංකාව පුරාම සංවර්ධනය වුණා. ලංකාවම වැඩ පොළක් වුණා. අද අපි පටන් ගත් ඒවා අවසන් කර පෙර බෝඩ් ගලවා අලුත් බෝඩ් ගසා විවෘත කළා.
දැන් හැමදාම කියන්නේ දේශපාලනඥයන් හිරේ යවන එක ගැන. පසුගිය කාලයේ ආවා ඉතාම ඉක්මනින් දියුණු වෙන නගරය කොලඹ නගරය කියාලා. මේ රටේ හානිකර දේවල් අපි දේශපාලන වශයෙන් කුණුබක්කියට දැම්මා. අපේ යුගයේ නීතියේ ආධිපත්‍ය රැකුණා. යම් ක්‍රමවේද තියනවා යමක් කරන්න.
අපි ව්‍යවස්ථාවෙන් පිට ගියේ නෑ කිසිම දෙයක් කරන්න. ව්‍යවස්ථාවට ඒ තැන දුන්නා. එදා ඇමැතිවරු අධිකරණයට බැන්නා නම් හිරේ ගියා. මතුගමින් අපේ කෙනෙකු දන ගස්වලා තමයි පළිගැනීම් පටන් ගත්තේ. පක්ෂය බාර දීලා හිස් අතින් ගමට ආපු මට මොන චෝදනා නැගුවත් මේ රටට මා ආදරෙයි. දිනේෂ්, උදය, විමල් ඇතුළු නායකයන් පෙරටුකරගෙන නුගේගොඩින් ආරම්භ කළ ගමන අද ජනපවුරක් වෙලා.
එය මාතර හරහා අපේ දොරකඩට හමාගෙන ඇවිත් තියෙනවා. ඒ නිසා මම රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ කරන ඉල්ලීම මා ප්‍රතික්ෂේප කරන්න සූදානම් නෑ. ඒ නිසා රට වෙනුවෙන් මේ මාතෘභූමිය වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයට අපි තරග කරන්න ඕනෑ කියා ඕනෑකමින් කියනවා. ඔබ කරන ඉල්ලීම මා එක සිතින් පිළිගන්නවා. ඒ නිසා මේ පැවැත්වෙන මහ මැතිවරණයට මේ ජන පවුරත් එක්ක අපි ඉදිරියට යනවා.
ඒ නතර වුණු සංවර්ධනය, ආර්ථිකය ගොඩගැනීමට අධිකරණයේ ස්වාධීනත්වය අපි නැවත ගොඩ නගනවා. ඉදිරියේ ආණ්ඩුවක් පිහිටුවන්න අපි සූදානම්. අපිට තියෙන්නේ එක ගිවිසුමයි. ඒ මේ රටේ ජනතාව සමග තිබෙන ගිවිසුම පමණයි. 2005 දි 2010 දි අපට බාර දුන් වගකීම් උපරිම ලෙස ඉටු කරන්න පුළුවන් වුණා. ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ සමහර ගෙවල්වල ලිප ගිනි මෙළවුණේ නෑ. හඩා වැටුණා. කාල්ටන් නිවසට වැල නොකැඩී ආවා.
එදා අඩකුණු වුණු ජාතික ධජය අපි ඔසවන්න එදිරියට එනවා. මේ වෙහෙසකර ගමනෙදි මා හැර නොගොස් මා වෙත ආශිර්වාද කළ ඈත එපිට පිටිසර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සිට දියවන්නාව දක්වා පිරිසට මා හිස නමා මගේ ප්‍රණාමය පුද කරනවා. අපි අතින් සිදුවූ වැරදි නැවරදි කරගෙන ඉදිරියට යනවා.
නූතන ජාතික ගොඩනගන සටනේදී සියලු ජාතීන් අපි හැමෝම අත්වැල් බැඳගෙන ඉදිරියට යන්නට අපි පියවර ගන්න ඕනෑ. ශ්‍රීලනිපය සහ සන්ධානය පමණක් නොවෙයි එජාප, ජවිපෙ ඇතුළු සෑම දේශපාලන පක්ෂවල දේශප්‍රේමීන්ට අප සමග අත්වැල් බැඳ ගන්න ආරාධනා කරනවා."
Wednesday, July 1, 2015
මහින්ද 'මැදමුලන ප්‍රකාශයේ' සම්පූර්ණ කතාව
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment