'මේක නම් විලි ලැජ්ජාවක්නේ' - චන්ද්‍රිකා  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

'මේක නම් විලි ලැජ්ජාවක්නේ' - චන්ද්‍රිකා 

හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාට වත්මන් රජය යටතේ නාමයෝජනා ලබා නොදීමට තීන්දු කර ඇතැයි හිටපු ජනාධිපති චන්ද්‍රීකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසූවේ ඊයේ (02) මාතලේ සිංහල හා මුස්ලිම් එකමුතුව ඇයගේ 70 වැනි උපන්දින සැමරුම වෙනුවෙන් පැවැත්වූ උත්සවයකට එක්වෙමිනි.

නායකත්වයට පත් කර ගන්නේ කවුද යන්න පිළිබඳව ජනතාව පැහැදිලිව තීන්දු කළ යුතු බව ඇය පවසන්නීය. ‘අලුතින් දිනාගත්ත නිදහස අපි ආරක්ෂා කර ගත යුතුයි ශක්තිමත් කර ගත යුතුයි. එහෙමනම් අපි නායකත්වයට පත් කර ගන්නේ කවුද කියලා පැහැදිලිව තීන්දු කරන්න ඕනේ. 

රට ගැන හිතලා රට හදන්නයි අපිට මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙන්නේ.දැන් එක එක්කෙනා දඟලනවා මට ආයේ බලයට එන්න ඕනේ කියලා.මට අගමැතිකම් ඕනේ ජනාධිපතිකම් ඕනෙලු තව මොනවද ඕනෙලු මේකනම් විලි ලැජ්ජාවක් නැහැ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එකට ආණ්ඩු කරලා අපි වෙන්වෙන්ව මැතිවරණය කරනවා ආයෙමත් මැතිවරණයෙන් පස්සේ අපිට එකට එනවා කියන තීන්දුවේ ඉන්නේ. වෙන කවුරු කවුරුහරි දැඟලුවට මට ඕනේ අරක ඕනේ කියලා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. 

මේ රටේ තියෙන ප්‍රබලම පැරණිම පක්ෂ දෙක අපේ පක්ෂ දෙක. මේ පක්ෂ දෙකේ බලවේගයට තර්ජනය කරමින් කවුරුහරි ඉදිරිපත් වුණාට ලංකාවේ මැතිවරණ ඉතිහාසය අරගෙන බලපුවහම කවදාවත් ඒ අයට වැඩිදුර යන්ඩ බැරිවෙලා තියෙනවා.අපි අපේ කටයුතු කරගෙන යමු.‘ යැයිද කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.

No comments:

Post a Comment

Post Bottom Ad