අද (03) පෙරවරු 7.20ට පමණ තලංගම, එම්.ඩී.එච් ජයවර්ධන ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාංගණයට සැහැල්ලු ගුවන් යානයක කොටසක් කඩා වැටී ඇතැයි පොලීසිය පවසයි.
අඩි 2ක හමාරක් පමණ දිගැති නිල් පැහැති කොටසක් එම විදුහලේ ක්‍රීඩාංගණයට වැටී ඇති අතර එය සැහැල්ලු ගුවන් යානයක් බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
මේ පිළිබඳ සිවිල් ගුවන් සේවා අධිකාරියට දැනුම් දී ඇති බවත් තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය පැවසී ය.

No comments:
Post a Comment