රාජ්‍ය මාධ්‍ය පමණක් මැ.කො යටතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

රාජ්‍ය මාධ්‍ය පමණක් මැ.කො යටතට

නව ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව මැතිවරණ සමය තුළ රාජ්‍ය මාධ්‍ය සිය පාලනය යටතේ පවතින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

නමුත් පෞද්ගලික මාධ්‍ය කෙරෙහි බලපෑමක් කිරීමට නව ව්‍යවස්ථාවෙන් තමන්ට කිසිදු බලයක් ලබා දී නැති බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

‘රජයේ මාධ්‍ය මැතිවරණ කොමසාරිස්ට යටත් වෙනවා. පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් බලයක් නැතත් අපි ඔවුන් සමඟ එකඟතාවයෙන් වැඩ කිරීම සඳහා මාධ්‍ය උපමාන යෝජනා කර යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.’ හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කර ඇති නිවේදන අනුව කටයුතු නොකරන රජයේ නිලධාරීන්ට දඬුවම් ලබා දිය හැකි බවක් පනතට ඇතුල් කොට තිබෙන බව ඔහු කියා සිටියේය.

මැතිවරණ නීති උල්ලංඝනය කරන උදවියට එරෙහිව කටයුතු කිරීම සඳහා පොලීසිය සමඟ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසී ය.

(බීබීසී

No comments:

Post a Comment

Post Bottom Ad