ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට අඟුණුකොලපැලැස්සේදී වෙඩි තබයි - අයෙකු මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට අඟුණුකොලපැලැස්සේදී වෙඩි තබයි - අයෙකු මරුට

අඟුණුකොළපැලැස්සේ අතුරු මාර්ගයක ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (05) රාත්‍රී 8ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකි.

වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාළ ත්‍රිරෝද රථයේ පුද්ගලයින් 5 දෙනෙකු සිට ඇති බව වාර්තා වේ. හදිසියේ සිදුවූ මෙම වෙඩි තැබීමත් සමඟ ඉන් සිව් දෙනෙකු පලා ගොස් ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad