යාපනයේ වලිකාමමි උතුරු පළාතේ අධිආරක්ෂිත කලාපයේ පිහිටි තවත් ඉඩම් අක්කර 40ක් නාවික හමුදාව විසින් නිදහස් කොට ජනතාව යළි පදිංචි කරවීම සදහා ඉඩම් අයිතිකරුවන් වෙත බාරදී තිබේ.
ඒ අනුව එම අක්කර 40 තුළ පවුල් 35 ක් යළි පදිංචි කරවීමේ කටයුතු ආරම්භ කොට ඇති අතර ඒ සදහා නාවික හමුදාවේද පූර්ණ සහයෝගය ලැබී ඇතැයි වලිකාමමි උතුර ප‍්‍රාදේශීය සභාවේ සභාපති සෝමසුන්දරම් සුහීර්දන් මහතා පැවසීය.
යළි පදිංචි කිරීමේ කටයුතු බාර හිටපු අමාත්‍ය සාමිනාදන් මහතා මීට සති දෙකකට ඉහතදී යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී එහි වැසියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ඉඩම් නිදහස් කොට තිබේ.
මේවන විට උතුරු පළාත තුළ ඉඩම් අක්කර දෙදහසකට අධික ප‍්‍රමාණයක් අධි ආරක්ෂිත කලාපවලින් ඉවත් කොට ඒවායෙහි අයිතිකරුවන් වෙත බාරදීමට පියවර ගෙන ඇත.
දිනසේන රතුගමගේ

No comments:
Post a Comment