ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයෙක් අධිකරණයට කැඳවන්නැයි ඉල්ලීමක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයෙක් අධිකරණයට කැඳවන්නැයි ඉල්ලීමක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩු තීන්දුවේ සාක්ෂි කරුවකු ලෙස නම් කර තිබෙනවා.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සමඟ චෝදනා ලැබ සිටින පොලිස් කොස්තාපල් ප්‍රියන්ත සංජීව වෙනුවෙන් සාක්කි ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කොට ඇති බවයි සඳහන් වන්නේ.

විත්තියේ සාස්කිකරුවන් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව හත් දෙනෙක් නම් කර තිබෙනවා. එලෙස සාක්ෂිකරුවන් ලෙස නමි කර ඇති අනෙක් සාක්ෂිකරුවන් වන්නේ ජනාධිපති ලේකමි පි.බි. අබෙිකෝන්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මහාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජ්ස්ට්‍රාර්වරුන්, ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන පාලිත පනාමල්දෙණිය හා ප්‍රියන්ත චන්ද්‍රසිරි යන මහත්වරුන්ය.

කෙසේ නමුත් එම නඩුවට අදාලව සාක්ෂි විමසිම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  ඇතුළු නම් කරන ලද සාක්ෂිකරුවන් කැදවනවාද නැද්ද යන විනිසුරුවන් විසින් ගනු ලබන තීරණයක් වනු ඇත.

පසුගියදා පාර්ලිමෙන්තුවේදී සංශෝධනයට ලක්වු 19 වෙනි ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපතිවරයෙක් අධිකරණය හමුවට කැදවිමට මෙතෙක් තිබු බාධා ඉවත්වී තිබෙනවා.  යම් හෙයකින් මෙම නඩුව සදහා ජනාධිපතිවරයා කැදවුවහොත් එය ශ්‍රි ලංකා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad