එළඹෙන මහමැතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂය තරග වදින්නේ අලියා ලකුණෙන් පමණක් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ හංසයා ලකුණින් මහමැතිවරණයට තරග වැදීමට කිසිදු එකඟතාවයකට පැමිණ නොමැති බවයි. ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පළ කළේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කැමැත්ත පරිදි එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදීමට අවස්ථාව ලබාදිය හැකි බවයි.
මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට ආසන 115 කට වැඩි සංඛ්‍යාවක් ලැබෙන බවද ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ඒ මහතා ඒ බව කියාසිටියේ ඉකුත් වසරේ නාමයෝජනා සැකසීමේදී මතු වූ සිද්ධීන් කිහිපයක්ද සිහිකරමින්.
හිටපු ජනාධිපතිනියගේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේ මහමැතිවරණය සම්බන්ධයෙන් දෙපළ අතර සාකච්ඡා පැවැත්වුණු බවයි.
මේ අතර මුස්ලිම් කොංග‍්‍රස් නායක රාවුෆ් හකීම් මහතා ඇතුළු කණ්ඩායමක් අද රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.
ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නියෝජ්‍ය නායක ආචාර්ය යූ ටී එම් අන්වර් මහතා ප‍්‍රකාශ කළේ මහමැතිවරණයට තම පක්‍ෂය තරග කරන්නේ කෙසේ දැයි මෙතෙක් තීරණය කර නොමැති බවයි.
එහෙත් අද රාති‍්‍රයේදී පක්‍ෂ මූලස්ථානයේ පැවැත්වෙන උත්තරීතර මණ්ඩලයේදී මේ පිළිබද තීරණයක් ගන්නා බවයි ඔහු සදහන් කළේ.

No comments:
Post a Comment