'මං කරපු දෙකෙන් එකක්වත් කරගන්න බැරිවුණා' - රන්ජන්ගේ කතාවට ප්‍රසන්නගෙන් පිළිතුරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

'මං කරපු දෙකෙන් එකක්වත් කරගන්න බැරිවුණා' - රන්ජන්ගේ කතාවට ප්‍රසන්නගෙන් පිළිතුරු

තමා වසර 23ක් දේශපාලනයේ නිරත පුද්ගලයෙකු බවත් කිසිදිනක තමාට වංචාවක්, දූෂණයක්, අල්ලසක්, වංචාවක් පිළිබඳ චෝදනාවක් එල්ල වී නොමැති බවත් බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රන්ජන් රාමනායක මහතා කතාකර ඇත්තේ තමාගේ බඩ ගැන බවත් ඇඟ පිළිබඳ කතා කරන්නේ නූගත් කෙනෙකු බවත් ඔහු පෙන්වා දෙයි. 

‘මගේ බඩ මහත වුණත් මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. හොඳ නෝනා කෙනෙක් ඉන්නවා. එතුමාගේ ඇඟ ස්ලිම් වෙලා තිබිලත් බටර් ගාලා ඇගේ පැණි ගාගෙන බොරු කොන්ඩ දාගෙන හිටයත් ඇඟ ලස්සනට පෙන්වන්න හැදුවත් මං කරපු දෙකෙන් එකක් වත් එයාට කරගන්න බැරි වුණා.‘ යැයිද මහ ඇමතිවරයා සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතාට හොඳ නෝනා කෙනෙකු සොයා ගැනීමට නොහැකි වූ බවත් දරුවන් හදා ගැනීමට නොහැකි වූ බවත් ඒ කාර්යභාරයත් කිරීමට තමාට සිදු වේයැයි සිතන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad