දෙන්නෙක් කරණමකට සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

දෙන්නෙක් කරණමකට සූදානම්

හිටපු ලොකු තැනට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක දොර ඇරියොත් දැනට පක්ෂයේ ඉන්න ප‍්‍රභල චරිත දෙකක් අලි පාටියට යනවා කියලා දැනුම් දුන්නලු. මෙයින් එක්කෙනෙක් කොළඹලු. 

අනික් කෙනා ත‍්‍රීකුණාමලේ පැත්තෙ ඉන්න කෙනෙක්ලු. හිටපු ලොක්කා පක්ෂෙට සම්භන්ධ කර ගත්තොත් පක්ෂෙට තියෙන සුළු ජාතික ඡන්ද පදනම බිද වැටෙන නිසා තමන්ගේ දිස්ත‍්‍රික්කෙන් සුළු වෙන්න බැරිය කියලාලු මේ දෙන්නා ඔය තීරණයට ආවේ.

ඒ ගැන අලි පාටිය එක්ක තරමක අදහස් හුවමාරුවක් කරගෙන ඒ අදහස් හුවමාරුවෙන් ලැබුණ ප‍්‍රතිචාර හොදයි කියලත් කියනවා. මෙතන තියෙන පුදුමෙ තමයි කොළඹින් අලි පාටියට පනින කෙනා කවදත් මහින්දටම කොළඹදී සහය දුන්න පොරක් වීම හා නිතර මහින්ද යන එන ගෙදරක පොරක් වීම. එයාගේ පුත‍්‍ර රත්නයටත් දේශපාලන තනතුරක් තියෙනවලු.


ඊළඟට නැගෙනහිර පළාතෙන් යන්න හදන කෙනා මේ ආණ්ඩුවෙත් හොද විෂයක් භාර කෙනෙක්ලු. මේ ආණ්ඩුව හදන්න එළියට බැහැපු එයාට පැණි මිදි ඇඹුල් උනේ ඇයිද කියන එකත් ප‍්‍රශ්නයකලු.

No comments:

Post a Comment

Post Bottom Ad