හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණය සඳහා ඉදිරිපත්වන දේශපාලන පක්ෂය පිළිබඳ තීන්දුවක් අද (03) ප්‍රකාශයට පත් කරන බව සන්ධානයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ පවසති.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (02) විශේෂ සාකච්ඡාවක් පැවැත් විය.
ඒ සඳහා බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම, ගාමිණි ලොකුගේ, ටීබී ඒකනායක, පවිත්‍රා වන්නිආරච්චි සහ පියසිරි විජේනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ.
එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ නාම යෝජනා නොලැබෙන්නේ නම් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:
Post a Comment