මහින්ද රාජපක්‍ෂට මහ මැතිවරණයට නාම යෝජනා දෙනව කියල මම ඡන්දෙ ඉල්ලන්න යන්නේ නෑ. ඒක බොරුවක්. මට පක්‍ෂයක් තියෙනවා. ඒකෙ සභාපති කෙනෙක් ඉන්නවා. පක්‍ෂයේ විනයක් තියෙනවා.
මම මේ වෙලාවෙ ඒ ගැන කියන්න යන්නේ නෑ. මගෙ පෞද්ගලික ලේකම්ට පුළුවන්ද මෙහෙම නිවේදන නිකුත් කරන්න. ඒක වැරැදියි යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවැසුවාය.
ඊයේ (01දා) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිනිය එසේ කීවාය. එතුමියගේ 70 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන එතුමියට සෙත්පතා ඊයේ මිනුවන්ගොඩ මූලික රෝහලේ නේවාසික රෝගීන්ට සහ එහි සේවකයන්ට දිවා ආහාර ලබාදීමේ සත් ක්‍රියාවක් සිදු කළ අවස්ථාවේ එයට සහභාගි වෙමින් එතුමිය එසේ කීවාය.
පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි අර්ජුන රණතුංග මහතාගේ සහ රුවන් රණතුංග මහතාගේ මූලිකත්වයෙන් මෙය සිදු කෙරිණි.
එහිදී තවදුරටත් කතා කළ කුමාරතුංග මහත්මිය, ‘මම ටිකක් ප්‍රමාද වී පැමිණීම ගැන කනගාටුව පළ කරනවා. මගේ 70 වැනි ජන්ම දිනය වෙනුවෙන් රට පුරා ජනතාව වෙහෙර විහාරවලත් අනෙක් පූජනීය ස්ථානවලත් මට සෙත් පතා සංවිධානය කරන ආගමික කටයුතු පිළිබඳවත්, මේ රෝහලේ රෝගීන්ට දිවා ආහාරය ලබාදීමට මුල් වෙලා කටයුතු කළ සියලු දෙනාටත් මම කෘතවේදීව ස්තුති කරනවා.
කාන්තාවන් තමන්ගේ වයස හංගන්න කැමැතියි. එහෙත් මට එහෙම මගෙ වයස හංගන්න බැහැ. මට දැන් අවුරුදු 70ක් වෙනවා. මගේ දේශපාලනය කාලයේදී පක්‍ෂය හැදුවා රටත් හැදුවා. ඉදිරියේදීත් පක්‍ෂය සහ මගේ රට ආරක්‍ෂා කර ගන්න කටයුතු කරනවා’ යැයිද පැවැසුවාය.
– මව්බිම
Thursday, July 2, 2015
මගේ ලේකම්ට පුළුවද එහෙම කියන්න.. මං ඡන්දෙ ඉල්ලන්නේ නෑ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment