මහ මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාරගැනීම අද (06) සිට ලබන 13 වැනිදා මධ්‍යහ්න 12.00 දක්‌වා සියලුම දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදු කෙරේ.මෙම කාලසීමාව තුළදී අදාළ දිස්‌ත්‍රික් ලේකම් කාර්යාල අවට ආරක්‍ෂාව තරකර ඇති අතර මැතිවරණ ප්‍රචාරක රැලි හෝ පෙළපාලි පැවැත්වීම මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් තහනම් කර ඇත.
නාමයෝජනා පත්‍ර භාරගැනීම තේරීම්භාර නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර එම අවස්‌ථාවට සහභාගි විය හැකි දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වල නියෝජිතයන්ගේ ප්‍රමාණය ද සීමාකර තිබේ.
නාමයෝජනා පත් භාරගැනීම අවසන් වන 13 වැනිදා දිස්‌ත්‍රික් ලේකම් කාර්යාල අවට මාර්ග තාවකාලිකව වසා දැමීමටත් අවශ්‍ය වුවහොත් පොලිස් කණ්‌ඩායම් හෝ අමතර ආරක්‍ෂකයන් යොදවන ලෙසත් මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් පොලිස්‌පතිවරයාට උපදෙස් දී ඇත.
No comments:
Post a Comment