හෙළ උරුමය නම, ලකුණ වෙනස් කරයි - තවත් පක්ෂ 3ක වෙනසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

හෙළ උරුමය නම, ලකුණ වෙනස් කරයි - තවත් පක්ෂ 3ක වෙනසක්

ජාතික හෙළ උරුමය ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික යහපාලන පෙරමුණ නමින් පක්ෂයක් ලියාපදිංචි කළ බවත්, එහි ලකුණ දියමන්තිය බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ජාතික හෙළ උරුමයේ ලාංඡනය ලෙස කලින් භාවිත කළේ හක්ගෙඩිය ලකුණයි. විමල් ගීගනගේ මහතාගේ ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ ලංඡනය  මල් පොහොට්ටුව ලෙස ද, ආචාර්ය ඒ සී විග්නේෂ්වරන්ගේ අකිල ඉලංකෙයි ද්‍රවිඩ මහා සභා පක්ෂයේ ලාංඡනය ලෙස තිබූ දොඩම් ගෙඩිය ඉවත් කර නැව ලෙස ද, එක්සත් මහජන පක්ෂයේ ලාංඡනය මාළුවා ඉවත් කර ජංගම දුරකතනය ලෙස ද වෙනස් කර තිබේ.

මේ අතර අද පැවැති මාධ්‍ය හමුවක දී ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ පක්ෂයේ නම හා ලාංඡනය ගැන තවම ස්ථිර තීරණයකට පැමිණ නැති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad