බණ්ඩාරනායක පවුල මේ රටට නොකළේ හොරකම, වංචාව සහ දූෂණය පමණක් බවත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ලෙස කළේ මොනවාදැයි අසන පිරිසට තමාට දීමට ඇති පිළිතුර එය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(05) පස්වරුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති උත්සව සභාව අමතමිනි.
එහිදී වැඩිදුරටත් කතා කළ ජනාධිපතිවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නායකත්වය දැරූ යුගයේදී පක්ෂය තුළ ඉතා හොඳින් ප්‍රජාතන්ත්‍රවාදය රැකුණු බවත්, තීන්දු තීරණ ගැනීමේදී සෑම කෙනෙකුගේම මතයට කන්දීමට එතුමිය නිහතමානී වූවා සේම තමාගෙන් යම් අඩුපාඩුවක් වී නම් පසුව ඒ බව පිළිගෙන එය නිවැරදි කිරීමට කටයුතු කළ බවත් පැවසීය.
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය, සාර්ව සහභාගීත්වයෙන් යුත් සමාජයක් පිළිබඳ සංකල්පය අශෝක අධිරාජ්‍යයාගෙන් ලොවට පිරිනැමුණු දායාදය, යන මැයෙන් සංවර්ධිත සමාජයක් පිළිබඳ ඉන්දියානු අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය රජීව් භාර්ගාවා මහතා විසින් පවත්වන ලද අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඇතුලු මැති ඇමතිවරුන් ද, ඉන්දීය මහකොමසාරිස්වරයා ප්‍රමුඛ විදේශීය තානාපතිවරුන් ද ආචාර්ය මහාචාර්යවරුන්, ප්‍රභූන් ඇතුථ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

No comments:
Post a Comment