ගාල්ලේ මෝටාර් උණ්ඩ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

ගාල්ලේ මෝටාර් උණ්ඩ

ගාල්ල කැනල් පාරේ පාලු ඉඩමක තිබී මෝටාර් බෝම්බ උණ්ඩ දෙකක් ගාල්ල පොලීසිය විසින් අද (5) සොයාගෙන තිබෙනවා. 

මෙම පාලු ඉඩමේ හිමිකරු විසින් ඊයේ (04) වල්බිහි වී තිබූ තම ඉඩම කම්කරුවන් යොදාගෙන සුද්ද පවිත්‍ර කර ඇති අතර එහිදී  මෙම මෝටාර් බෝම්බ උණ්ඩ දෙක ඉඩමේ තාප්පයක් අසළ සගවා තිබියදී හමුවී ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

කිසිවෙකු විසින් මෙම පාළු ඉඩමෙහි මෝටාර් උණ්ඩ සගවා තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මෙම මෝටාර් උණ්ඩ කවුරුන් විසින් කුමක් සඳහා අදාළ පාළු ඉඩමෙහි සගවා තැබුවේදැයි පිළිබඳව ගාල්ල පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ප වාර්තාකරු පැවසුවේ.





No comments:

Post a Comment

Post Bottom Ad