හිරුණිකා හෙට යුග දිවියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

හිරුණිකා හෙට යුග දිවියට

මනාලයා නිරූපණ හා රංගන ශිල්පියෙකු වන හිරාන් යටෝවිට 

බස්නාහිර පළාත්සභා මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර හෙට ජුලි (6) විවාහ දිවියට එළැඹෙනවා. ඇය අතගන්නා මනාලයා හිරාන් යටෝවිට නමැති නිරූපණ හා රංගන ශිල්පියෙකු බව වාර්තා වනවා.

ඉදිරි මහමැතිවරණයට තරග කරන්නට සූදානම් වන හිරුණිකා ඊට ප‍්‍රථම සිය විවාහය සිදු කරන්නට තීරණය කර තිබෙන අතර ඒ අනුව හෙට 6 සිදුවන්නේ එම විවාහයේ ලියාපදිංචි කටයුතුය. එම උත්සවය පවුලේ කිහිප දෙනෙකුට පමණක් සීමාවූ පුද්ගලික එකක් ලෙස පවත්වන්නට ඇය සූදානම් කර ඇති බවත් වාර්තා වුණා. 

දෙදනාගේ විවාහයේ ප‍්‍රසිද්ධ උත්සව සාදය ඉදිරි දිනෙක පැවැත්වෙනු ඇති. හිරුණිකාගේ විවාහය වෙනුවෙන් බෞද්ධාගමිකව ආශිර්වාද ලබාගැනීමට අද (5) විශේෂ පුණ්‍ය කටයුත්තකද ඇය නිරතවන බව වාර්තා වුණා. හිරුණිකා සහ හිරාන් අතර පෙම් සබඳතාවය ආරම්භ කර මාස හතරක් පමණ වූ බවත් ඇය මෙම විවාහය ඉක්මණින් සූදානම් කර ඇති බවත් තතු දත් ආරංචි හෙළි කළා. 

හිරුනිකා  ඇගේ පෙම් සබඳතාවය ඇරඹූ බවට ඇගේ ෆේස් බුක් ගිණුමෙන් පසුගිය මාර්තු 24 වනදා පළමු වරට හෙළි කර තිබුණ.හිරාන් යටෝවිට මොස්තර නිරූපණ ශිල්පියෙකු ලෙස වසර 5 ක් පමණ තිස්සේ ප‍්‍රකට නමක් දිනා ඇති අයෙකි. ඔහු රංගන ශිල්පියෙකු ලෙසද නිර්මාණ කිහිපයකට දායකවී ඇත. ඒ අතර ‘විසුල අහස යට’ ටෙලි නාට්‍යය හා රෝයි ද සිල්වා ඇමරිකාවේ තිරගත කරන ලද ‘සිහින ලොවක් සොයා’ චිත‍්‍රපටයද වෙයි. 

ඔහු ධර්මසිරි බන්ඩාරනායක යටතේ රංගන ශිල්පයද හදාරමින් සිටියි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක ලෙස ඉදිරියේ දේශපාලනයට අවතීර්ණ වන්නට සූදානම් වන හිරුණිකා ඊට ප‍්‍රථම ඇගේ ‘ටයිට්ල් එක’ මිස් වෙනුවට මිසිස් ලෙස වෙනස් කරගන්නට තීරණය කර තිබේ. අද උදෑසන සිය ෆේස් බුක් පිටුවට තම විවාහය ගැන ඉගි කරන පණිවිඩයක්ද දමා ඇති හිරුණිකා ඇයගේත් මනාලයාගේත් අත් දෙක පමණක් සහිත ඡුායාරූපයක් දමා සටහන් කර ඇත්තේ ‘මම මිසිස් වෙන්න තව පැය කිහිපයයි’ යනුවෙනි.

නමුත් අප හිරුණිකාගේ මනාලයාගේ ඡුායාරූප කිහිපයක්ද සොයාගත් අතර ඒවා මෙහි පළ කර ඇත.








Source : Gossiplankanews
Pix By : Rivira

No comments:

Post a Comment

Post Bottom Ad