විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය ලොව ප්‍රධානම ටෙනිස් තරගාවලිය ලෙස සැලකෙනවා. මේවන පැවැත්වෙන විම්බල්ඩන් 2015 තරගාවලිය ජුලි 12වන දින අවසන් වීමට නියමිතයි.
129 වැනි වරට පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය මේ වසරේ පැවැත්වෙන තුන්වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලියයි. එහිදී ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පවුම් මිලියන තුනකට ආසන්න ත්‍යාග මුදලක් බෙදා දීමට නියමිතයි.
පසුගිය වසරේ විම්බල්ඩන් පිරිමි කේවල ශූරතාව දිනූ, දැනට ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ සිටින සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් මෙවර සිය කිරුළ රැක ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන අතර මීට පෙර වසර ගණනාවක් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවූ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ද ශූරතාවට ඇස ගසා සිටිනවා.
රොජර් ෆෙඩරර් කිරුළ බලාපොරොත්තුවෙන් තරග වදින අතරතුර පසුගියදා ඔහු සහභාගිවූ තරගයක් නැරඹීමට අප කවුරුත් දන්නා කියන පුද්ගලයෙකුත් සහභාගී වුණා. ඒ,ලොව පහල වූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර සංගක්කාර. සංගක්කාර මේ අවස්ථාවට සහභාගී වුණේ තම බිරිඳ සමගයි.
විම්බල්ඩන් තරගය නැරඹීමට පැමිණි ප්‍රභූවරුන් රැසක් සංගාගේ පැමිණීමෙන් උද්දානයට පත්වූ අතර ඔවුන් සංගක්කාරට අත වනමින් උණුසුම්ව පිළිගන්නා අයුරු විදෙස් මාධ්‍ය විසින් නිකුත් කළ ඡායාරූපවල දැක්වුණා.




No comments:
Post a Comment