හරීන් රනිල්ගෙන් බැණුම් අහයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 4, 2015

හරීන් රනිල්ගෙන් බැණුම් අහයි

තමා මේ දිනවල දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධ ව සැරෙන් ප්‍රකාශ නිකුත් කළ බවත් ඒ හේතුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමාට කතා කර බැණ වැදුණු බවත් ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි. 

"තමුසෙගේ ඔළුව හොඳ නැද්ද කියලා ඇහුවා" යනුවෙන් අගමැතිවරයා මහ ඇමතිවරයාගෙන් විමසා තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනපති අපේක්ෂකයා වශයෙන් සිටින විට ඔහුගේ රැස්වීම් 88 කට සහභාගී වූ බවත් ජනාධිපතිවරණ සමයේ දී සිය නිවසට පැමිණ කාලය ගත කළ බවත් ඔහු සඳහන් කළේ ය.

එහෙත් ජනාධිධූරයට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා සමග හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල මහතා පිටු පසින් පැමිණීම සම්බන්ධයෙන් තමන් කෝපයට පත් වූ බවත් හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය. හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ ඊයේ (03) එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් හමු වූ අවස්ථාවක දී ය.

No comments:

Post a Comment

Post Bottom Ad