ෆොන්සේකා සන්ධාන ගතවීමට සාකච්ඡා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 4, 2015

ෆොන්සේකා සන්ධාන ගතවීමට සාකච්ඡා කරයි

ඉදිරි මහමැතිවරණයට තරග කිරීම සඳහා සන්ධාන ගතවීම පිළිබඳ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තවත් කුඩා පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෑතක්වනතුරු තනි ව තීරණය කිරීමේ තීරණයක සිටිය ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට තරග කිරීමට තීරණය කිරීමත් සමග එම තීරණය යම් වෙනසකට භාජනය වී ඇත.

මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමේ අවස්ථාවක් ඇත් නම් ඊට එරෙහි ව ක්‍රියා කරන සන්ධානයකට එකතුවීමට තමන් කැමති බව සරත් ෆොන්සේකා මහතා මීට දින හිකිපයකට ඉහත පැවති ජන හමුවක දී සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad