මහින්දගේ තීරණය අද සවස 4ට   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

මහින්දගේ තීරණය අද සවස 4ට  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂය පිළිබඳ තීරණය අද පස්වරු 4.00ට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ඒ අනුව අද පස්වරු 4.00ට නාරාහේන්පිට අභයාරාමයේදී එම මාධ්‍ය හමුව පැවැත්වෙන අතර ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහභාගී වීමට නියමිතය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වදින්නේද, එසේ නැතහොත් වෙනත් පක්ෂයකින් හෝ සන්ධානයකින් තරඟ වදින්නේද යන්න පිළිබඳව තීරණය දැනුම් දීමට නියමිතය.

කෙසේවෙතත් ඊයේ (02) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එජනිස පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයාට සන්ධානයෙන් අපේක්ෂකත්වය ලබාදීමට ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය අවසන් තීරණය අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

Asian Mirror

No comments:

Post a Comment

Post Bottom Ad