මහබැංකු බැඳුම්කර සම්බන්ධයෙන් වූ කෝප් කමිටුවේ රහස්‍ය වාර්තාවේ පිටපතක් මේ වන විට අන්තර්ජාලය හරහා සංසරණය වෙමින් පවතී.
2015 පෙබරවාරි මස 27 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද අවුරුදු 30 භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පසුගිය කාලය පුරාවටම දැඩි ආන්දෝලනයකට ලක් වූවේ එම බැඳුම්කර නිකුතුව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණාට අයත් ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් වන පපෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලබාදීම හරහා අර්ජුන මහ්න්ද්‍රන් මහතා හිතාමතාම, රජයට සහ මුළු ආර්ථිකයටම දැවැන්ත පාඩුවක් සිදු කොට ඇති බවට විපක්ෂයෙන් එල්ල වූ චෝදනා සමඟ ය.
එම ගනුදෙනුවේදී රටේ පොලී අනුපාතය, තමාගේ බෑණාගේ සමාගමේ වාසියට අනවශ්‍ය ලෙසටත්, කෘත්‍රිම ලෙසටත් වැඩි කිරීම නිසා එම සමාගමට රුපියල් කෝටි 200 ක පමණ අයුතු ලාභයක් උපයා ගැනීමට ඔහු විසින් මග පෑදු බවට අර්ජුන් මහේන්ද්‍රන් මහතාට චෝදනා එල්ල විය.
කෙසේ හෝ පර්පචුවල් ට්‍රෂෙරීස් සමාගම සුරැකුම්පත් වෙන්දේසියේදී ක්‍රියාකර ඇති ආකාරය කරුණු දෙකක් මත අසාමාන්‍ය බව ද බැඳුම්කරයක වටිනාකම රුපියල් කෝටි 100 ක් වෙද්දී එය රුපියල් කෝටි දෙසීයකට ඉලලුම් කිරීම සැලකිල්ලට බඳුන් වූ බව කෝප් කමිටුව සිය වාර්තාවේ දක්‌වා තිබේ. එමෙන්ම ප්‍රකාශයට පත් බැඳුම්කරයේ වටිනාකම රුපියල් කෝටි දහසක් වෙද්දී ඉහත සමාගම රුපියල් කෝටි එක්‌දහස් තුන්සියයක් වටිනා බැඳුම්කර ඉල්ලුමක් සඳහා ලංකා බැංකු සහාය පැතීම ද අසාමාන්‍ය කරුණක් බව කමිටු වාර්තාවේ සදහන්ව ඇත.
තවද මෙම ගනුදෙනුව උදෙසා වැය වී ඇත්තේ මහජන මුදල් නිසා එමගින් රාජ්‍ය මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය වී ඇත්දැයි සොයා බැලීමට විධිමත් රාජ්‍ය අධිකාරියක් ස්ථාපිත කළ යුතු බවට කෝප් කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇත.
එම සම්පූර්ණ වාර්තාව පහතින්,

No comments:
Post a Comment