මහින්දට මෛත්‍රීගෙන් ලිඛිත පොරොන්දුවක් - සාකච්ඡාවේ ඇතුලාන්තය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

මහින්දට මෛත්‍රීගෙන් ලිඛිත පොරොන්දුවක් - සාකච්ඡාවේ ඇතුලාන්තය මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණයේදී ලබා දිය හැකි උපරිම අවස්ථාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණය ප්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කැමැත්ත පළ කර තිබේ.නමුත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා ඇත්තේ තමන්ට රත්නපුර හෝ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳ හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ඇකමැත්ත පළ කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි. 

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට තරඟ කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කළහොත් වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතා අකමැත්ත පළ කරනු ඇතැයි වාර්තා වන අතර එසේ නොමැති වුවහොත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බොහෝදුරට මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් විය හැකිය.

කෙසේ වෙතත් මෙම යෝජනා පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අකමැත්ත පළ කර ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට දිය හැකි උපරිම අවස්ථාව වන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් බවත් ඊට තමන් ලිඛිත සහතිකයක් දිය හැකි බවත්ය.මේ සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නොමැති අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන වාර්තා වේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් අද (30) පෙරවරුවේ මහනුවරදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ඇති අතර ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් හා අගමැති අපේක්ෂකත්වය පිළිබඳ එහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ. 

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය නියෝජනය කරන පුද්ගලයින් මහමැතිවරණයේ දී  තරග කිරීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුකර තිබේ. 

සුසිල් පේ‍්‍රමජයන්ත් සහ අනුර ප‍්‍රියදර්ශන යාපා යන මහත්වරුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඊයේ (29) පස්වරුවේ සාකච්ඡා පැවති අතර එහිදී ඉදිරි මහමැතිවරණයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ. 

ඉදිරි මහමැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීම හා නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා පිළිබඳ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ දැඩි දෝෂදර්ශනයට ලක් වී ඇත. එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ මේවා ලැජ්ජා නැති වැඩ බවයි.

කෙසේ වෙතත් මේවන විට ශ්‍රීලනිපයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට නාම යෝජනා ලබා දීම ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති අතර අද(30) පස්වරුවේදීද ජනාධිපතිවරයා සමඟ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad