ලබන අගෝස්තු 17 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී සන්ධානයේ අපේජෂක කණ්ඩායම් නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකඟතාවය පල කර තිබේ.
ඒ මහතා මෙසේ දන්වා ඇත්තේ ඊයේ පස්වරුවේ මහින්ද-මෛත‍්‍රී සමගි කිරීමේ කමිටුව හමු වූ අවස්ථාවේදීය.
නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශණ යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත යන මහත්වරුන් මේ හමුව සඳහා මෙම සාකච්චාව සඳහා එක්ව ඇති අතර ඔවුන් දැඩිව පෙන්වා දී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ නැතිව මැතිවරණයට යාමෙන් පක්‍ෂය විනාශ වීම අනිවාර්ය බවයි.
මහින්ද නැතිව මැතිවණයකට ඉදිරිපත් වී පරාජය වී පරාජිතයෙක් සේ ගෙදර යන්නට තමන් සූදානම් නැති බව බවසා ඇති විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා ජනාධිපති මෛත‍්‍රි සමඟ ඡුන්දය ඉල්ලා දිනන්නට බැරි බවද බවසා ඇත. මහින්දට අවස්ථාව නොදෙන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවද ඔහු අවධාරණණය කර ඇත.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්‍ෂකයා ලෙස නම් නොකිරීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් පල කර ඇති සන්ධානයෙන් මැතිවරණවට ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා දිය හැකි යයි දන්වා ඇත.
එහිදී කමිටු සාමාජිකයන් යෝජනා කර ඇත්තේ මහින්ද මහතා සන්ධාන මැතිවරණ සටනේ කණ්ඩායම් නායක ලෙස නම් කරන ලෙසයි.
‘එහෙම දැම්මත් වේදිකාවෙදි අගමැති අපේක්‍ෂකය කියල කියනවනේ’ යයි එතරම් ප‍්‍රසාදයකින් තොරව ඊට එකඟතාවය පල කර ඇති ජනාධිපතිවරයා පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසා බලා තමනට දන්වන ලෙසයි.
ජනාධිපතිවරයාගේ මෙම යෝජනාවත් රැගෙන අද පෙරවරුවේ කමිටු සාමාජිකයන් තිදෙනා මහනුවර ගොස් හිටපු ජනාධිපතිවරයා මුණ ගැසුණු අතර එහිදී රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත්තේ තමනට මේ සම්බන්දයෙන් තනිව තිරණයක් ගත නොහැකි බවත් අනෙක් හවුල්කාර පක්‍ෂ සමඟ සාකච්චා කර තීරණයක් ගත හැකි බවත්ය.
Tuesday, June 30, 2015
මහින්දට සන්ධාන කණ්ඩායම් නායකත්වය දීමට මෛත‍්‍රී එකඟ වේ…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment