මහින්ද ගැන ජනපති - සමගි කමිටුව අතර තීරණාත්මක සාකච්ඡාවක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

මහින්ද ගැන ජනපති - සමගි කමිටුව අතර තීරණාත්මක සාකච්ඡාවක් 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා පත් කළ සය පුද්ගල කමිටුව අද(30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතය. 

එම සාකච්ඡාව අද පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතව තිබූ බව හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ඉදිරි මහ මැතිවරණයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.

ඉදිරි මහමැතිවරණයේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තා වේ. මේ අතර සුසිල් පේ‍්‍රමජයන්ත් සහ අනුර ප‍්‍රියදර්ශන යාපා යන මහත්වරුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඊයේ (29) පස්වරුවේ සාකච්ඡා පැවැත්විණි.

No comments:

Post a Comment

Post Bottom Ad