හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබා දීමට කටයුතු කළහොත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 36 දෙනෙකු ඉවත් වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එම මන්ත්‍රීවරුන් 36 දෙනා අතර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද සිටින බව වාර්තා වේ. ඉදිරි මහමැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීම හා නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා පිළිබඳ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ දැඩි දෝෂදර්ශනයට ලක් වී ඇත.
එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ මේවා ලැජ්ජා නැති වැඩ බවයි. කෙසේ වෙතත් මේවන විට ශ්‍රීලනිපයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට නාම යෝජනා ලබා දීම ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති අතර හිටපු ජනපතිවරයාට නාම යෝජනා දුන්නද නොදුන්නද ශ්‍රීලනිපයේ අර්බුදයක් හටගැනීමට වැලැක්විය නොහැකි බව එම ආරංචි මාර්ග පවසයි.

No comments:
Post a Comment