නිදහස් පක්ෂ අගමැති අපේක්ෂක ගැන ජනපති තීරණය ප්‍රකාශයට පත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

නිදහස් පක්ෂ අගමැති අපේක්ෂක ගැන ජනපති තීරණය ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක කණ්ඩායම තුළ තරග කරන කිසිදු අපේක්ෂකයෙකු අගමැති අපේක්ෂකයෙකු ලෙස නම් කිරීමක් සිදුකර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ අගමැති අපේක්ෂකත්වය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු එකඟතාවක් ප්‍රකාශ කර නොමැති බව යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයෙන් ජය ගතහොත් අගමැතිවරයෙකු පත් කරන්නේ මහ මැතිවරණයෙන් පසුව පත්වන මන්ත්‍රීවරුන්ගේ අදහස් මත බව ද එම නිවේදනයේ දැක්වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයෙකු ලෙස පිළි ගැනීම හෝ ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකර නොමැති බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad