දිස්ත්‍රික් ලේකම්වරුන්ට මැ.කො උපදෙස් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

දිස්ත්‍රික් ලේකම්වරුන්ට මැ.කො උපදෙස් දෙයි

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට පෙර දිස්ත්‍රික් ලේකම්වරුන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ දින සිට ඡන්දය ගණන් කිරීම දක්වා වූ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

එහිදී නාම යෝජනා භාර ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් භාෂා තුනෙන්ම උපදෙස් ලබා දිය යුතු බවට ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බව ඇත.

නාමයෝජනා කාලය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කර කටයුතු කරන ලෙසත් කිසිදු අවස්ථාවක පෙළපාලී පැවැත්වීමට ඉඩක් නොදිය යුතු බවටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.  

මානප අංක ලබාදීම කඩිනම් කිරීම වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම අවසන් වූ දිනයේ සිංහල අකාරාදි පිළිවෙළට සකස් කළ නාම යෝජනා ලේඛන කඩිනමින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලැබීමට සලස් වන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන් බව මොහොමඩ් මහතා පැවසී ය. 

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සූදානම් කිරීමේ දී අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන පාසල් යොදා නොගෙන ඒ සඳහා වෙනත් ස්ථාන යොදා ගැනීමට කටයුතු සැලසුම් කරන ලෙසත් නැතිනම් අගෝස්තු 13 වැනි දායින් පසු එවැනි ස්ථාන සකස් කරන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන් බව ඒ මහතා වැඩිදුරටත් පැවසී ය. 

No comments:

Post a Comment

Post Bottom Ad