තමුසෙලාගේ ගොන් වැඩ නිසා රෙදි ගැලවෙන්නෙ මගේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

තමුසෙලාගේ ගොන් වැඩ නිසා රෙදි ගැලවෙන්නෙ මගේ

පසුගිය දවසක රටේ ලොකුම කන්තෝරැවෙ ලොකු මහත්තුරැන්ට ලොකු වැරදීමක් වුණාලු. ඒකෙන් රටේ ලොකු මහත්තයත් හුඟක්ම අප්සෙට් වුණා කියල අපිට ආරංචියි. 

ආණ්ඩුවෙ මන්තිරිතුමන්ලගෙ රුස්වීමක් පාර්ලිමේන්තුවෙ අහවල් වෙලාවට තියෙනවය කියල ලොකු මහත්තයගෙ ලේකම් මණ්ඩලේ අය උන්නැහේට කලින්ම දැනුම් දුන්නා. ඉතින් කවදත් වෙලාවට කලාවට වැඩකරන රටේ ලොකු මහත්තය තමන්ගෙ ආරක්ෂක ජකස්ටියත් එක්ක කිව්ව වෙලාවට පාර්ලිමේන්තුවට ගියා. 

අනේ ඒත් එතෙන්ට යනකොට මන්තිරිවරැ කවුරැවත් නැහැ. උන්නැහේලට දන්නල තිබ්බෙ රුස්වීම කොළඹ මහකන්තෝරැවෙ කියනවය කියලයි. ඒ නිසා සේරම මන්තිරි ගොල්ල කොළඹ මහකන්තෝරැවට ඇවිල්ලා…

වැඩ නොදන්න නිලධාරීන්ගෙ අමන සංවිධාන කටයුතු නිසා ලොකු මහත්තය පත්වුණේ ලොකු අපහසුතාවකට…

රුස්වීම කොළඹ මහකන්තෝරැවෙ තියෙන බව දැනගත්තම ආයෙ උන්නැහේ කොළඹ ආව… ඇවිල්ල රුස්වීමට යන්න කලින් වෙලාවට හරි තැනක රුස්වීමක් සංවිධාන කරගන්න බැරි ටයි කෝට්කාරයන්ට හොඳට දෙහි කැපුවලු. සමහරැන්ගෙ පට්ටම්වලටත් තට්ටුවෙන්න මේ හින්ද ඉඩ තියෙනවය කියවෙනවා…

No comments:

Post a Comment

Post Bottom Ad