ඒකීය ලංකාව අතහරින්න මෛත‍්‍රී අපට ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වුණා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

ඒකීය ලංකාව අතහරින්න මෛත‍්‍රී අපට ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වුණා..

ජනාධිපතිවරණයට පෙර මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පාර්ශ්වය විසින් ඒකීය රටත් කුල විසඳුම් ලබා දීම සිදු නොකරන බවට පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියයි.

ශක්ති රූපවාහිනියේ ‘මින්නල්’ වැඩසටහන හා එක්වෙමින් ඔහු මේ බව කීය.

මෙහි දැක්වෙන්නේ ඔහු විසින් කරන ලද ප‍්‍රකාශයේ සිංහල පරිවර්තනයයි.

මෙවර මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රකාශයේ ආරම්භයේදී ජා.හෙ.උ. ඉල්ලීම පරිදි ‘‘ඒකීය රටක් තුළ විසඳුම’’ යන පදය කියන නමුත් අපි ඔහුව මුණ ගැහිලා කිව්වා ඒකීය රටක් තුළ විසඳුමක් ගන්න බැහැ කියලා. එය සාර්ථක වෙන්නේ නැහැ කියලා. ඒ නිසා එම වචනය ඉවත් විය යුතුයි කියලා අපි කිව්වා.

ඉන්පසුව ජා.හෙ.උ. යත්, අපවත් කැඳවා දෙපැත්තම එකගව එම වචනය මැතිවරණ ප‍්‍රකාශයෙන් ඉවත් කරන්න පුළුවන් යැයි එකග වූ පසුවයි අපි ඔවුන්ට සහාය දුන්නේ. ඔබ මුල් පිටපත හා ප‍්‍රකාශිත පිටපත් අරන් බැලූවොත් එය පෙනේවි.

ඒ නිසා, ඒකීය රටක් තුළ කිසිඳු විසඳුමක් අපට පිළිගත නොහැකියි යන්න ආණ්ඩුවත් දන්නවා. ජනාධිපතිවරයාත් දන්නවා. එපමණක් නොව ජාතික හෙළ උරුමය ද එය පිළිගෙන තියෙනවා. ඒ නිසා මෙය සුළු වශයෙන් ඉදිරියට යෑමක් වුවත් මෙය විසඳුමේ මූලික/වැදගත් පියවරක්.

No comments:

Post a Comment

Post Bottom Ad