උද්ධමනය සෘණ වෙන්න ලඟයි - මහ බැංකුව  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

උද්ධමනය සෘණ වෙන්න ලඟයි - මහ බැංකුව 

උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත මැයි මාසයේ වාර්තා කළ 0.2% සිට ජුනි මාසයේදී 0.1% දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (2006/07=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත මෙසේ ජුනි මාසයේදී 0.1% දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 මැයි මාසයේ පැවති 1.9% හි සිට 2015 ජුනි මාසයේදී 1.7% දක්වා පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad