මහින්දගේ විශේෂ ප්‍රකාශය අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

මහින්දගේ විශේෂ ප්‍රකාශය අද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (01) පෙරවරු 10.30 වීරකැටියේ මැදමුලන සිට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයාට මහමැතිවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීම් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් පිරිසක් තංගල්ල කාල්ටන් නිවසට අද(01) රථ පෙළපාළියකින් යෑමටද තීරණය කර ඇත.

ඒ සඳහා සන්ධාන නියෝජිතයන්, පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන නියෝජිතයන් සහභාගිවීමට නියමිතය. මෙම රථ පෙළපාළියෙන් පැමිණෙන නියෝජිතයින් හමුවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය රට හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය. 

එහි සජීවි විකාශය අප වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වන්න

No comments:

Post a Comment

Post Bottom Ad