හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (01) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.වීරකැටියේ මැදමුලනේ සිට මෙම ප්‍රකාශය සිදු කරන බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපතිවරයා මහමැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙහිදී ප්‍රකාශය සිදු කරන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් පිරිසක් ඊට පෙර පෙරහැරකින් තංගල්ල කාල්ටන් නිවසට පැමිණීමට නියමිතයි.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබා දෙන පිරිස විසින් අල්ලා ගෙන ඇතැයි වාර්තා වනවා. සන්ධානයේ දේශපාලන කාර්යාල වැඩි ගණනක් හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාල බවට පත්ව ඇති අතර හෙට සිදුකරන ප්‍රකාශයත් සමග මේ සම්බන්ධයෙන් නිවේදනය කිරීමට නියමිතයි.
හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකත්වය පිළිබඳව නිල ප්‍රකාශය සිදු කරන අවස්ථාවට අති විශාල පිරිසක් ගෙන්වීමට ද ඊයේ(29) පස්වරුවේ කටයුතු සංවිධානය කරනු ලැබුවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රීවරුන් 100 කට වඩා සහභාගී කර ගනිමින් හිටපු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය කරන බවයි පැවසෙන්නේ.
Tuesday, June 30, 2015
මහින්ද රටවැසියා අමතන්න සුදානම් - පසුපසින් මන්ත්‍රීවරු 100ක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment